Ukul Lathawe -naughty Productions

 Ukul Lathawe  -naughty Productions 


                                  


Lyrics


කතරේ මුලාවේ
මැදි වූ වෙලාවේ
ඈ මට සිනා දී තියා ගියා

අතරේ තුරාවේ
නැති වූ විඩාවේ
සිත මා වශී වී ගියා ගියා

ඇගෙ හිනාවේ
මන්දා ආලේ බැඳුනේ
කල්පනාවේ
හන්දා කාලෙත් ගෙවුනේ

ඔය කතාවේ
සිත්තම් වාගේ බැඳුනේ
රැඳුනේ
බැඳුනේ

ඈ... ගතාම අල්ල අල්ලා

උකුල් ලතාවේ
දැන් මං
වෙලා මුලාවේ
යන්නං
ඈ රුවේ නුරාවේ
ඇඳුනේ
බැඳුනේ //

උඹ දැක්ක වෙලේ ඉඳන්
හිත කම්මලක්
පන්න ගන්න බෑ නේ
ගැහුවා දුම්මලක්

මාල පළඳලා
කරේ පළඳලා
ගහනවා බෙරේ කරේ එල්ලලා

ඇත වගේ හෑන්ඩ් බ්‍රේක්
නැවතුනා නට් එක ලූස් ලූස්
නංගි මොකෝ යන්නේ පිඹගෙන
එන්න කැමති ද මගෙ ලඟටම

කෙල්ලෝ නම් නෑ අන්ඳලා
අතකින් වත් නෑ අල්ලලා
ඔයා මට කලින් හම්බෙලා
තිබ්බා නම් මල් හතයි අම්මපා

ඈ... ගතාම අල්ල අල්ලා

උකුල් ලතාවේ
දැන් මං
වෙලා මුලාවේ
යන්නං
ඈ රුවේ නුරාවේ
ඇඳුනේ
බැඳුනේ //

ඇගෙ හිනාවේ
මන්දා ආලේ බැඳුනේ
කල්පනාවේ
හන්දා කාලෙත් ගෙවුනේ

ඔය කතාවේ
සිත්තම් වාගේ බැඳුනේ
රැඳුනේ
බැඳුනේ

ඈ... ගතාම අල්ල අල්ලා

කෙල්ලෝ නම් නෑ අන්ඳලා
අතකින් වත් නෑ අල්ලලා
ඔයා මට කලින් හම්බෙලා
තිබ්බා නම් මල් හතයි අම්මපා //


Post a Comment

Previous Post Next Post